සාදරයෙන් පිළිගනිමු! මානව හිමිකම් සහ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ වන මෙම පාඨමාලාව ආධුනිකයන්ට මෙන්ම අදාළ සංකල්ප නැවත මතක් කර ගැනීමට අවශ්‍ය අය සඳහා ප්‍රයෝජනවත් වේ. මෙය තමාට සුදුසු වේගයෙන් සම්පුර්ණ කල හැකි පාඨමාලාවකි. මානව හිමිකම් සහ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිලිබඳ ශ්‍රී ලංකාවේ නීතිය සහ ජාත්‍යන්තර නීතිය මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම පාඨමාලාව සිංහල සහ දමිල බසින් සම්පුර්ණ කල හැකිය. මෙම පාඨමාලාව නීතීඥයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්ෂකයින්, පර්යේෂකයින් සහ විශ්ලේෂකයින්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්, සේවකයන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. තම මානව හිමිකම් ගැන දැනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වනු ඇත. මෙම පාඨමාලාව ඉගෙනුම් පැය 15ක් සඳහා නිර්මාණය කර ඇත– එනම් ඔබට මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීමට ආසන්න වශයෙන් පැය 15ක් ගතවනු ඇත. කෙසේ වෙතත්, ඔබගේ දැනුම අනුව, ගතවන කාලය වෙනස් විය හැකිය. මෙම පාඨමාලාවේ සැලැස්ම පහත දැක්වේ. පාඩම් 14 කින් සමන්විත මොඩියුල 5ක් මෙම පාඨමාලාවේ ඇතුලත් වේ. පාඨමාලාවේ අන්තර්ගතය පිළිබඳ ඔබේ අවබෝධය තක්සේරු කිරීම සඳහා සෑම පාඩමකටම අදාළ ප්‍රශ්නාවලියක්ද මෙහි ඇතුලත් වේ.